Monday, August 24, 2009

අළු බඳුන එංගලන්තයට

LONDON - AUGUST 23:  Andrew Strauss of England...Image by Getty Images via Daylife

මේ ඇසළ මාසේ විසි තුන්වැනි ඉරු දිනය එංගලන්ත ක්‍රිකට් වංශ කතාවේ රන් අකුරෙන් ලියැවෙන දවසක් බවට පත් කරන්නට ඇන්ඩෘ ස්ට්‍රාවුස් ප්‍රමුඛ ටෙස්ට් පිල ඕවල් පිටියේ දී සමත් විය. ඕස්ට්‍රේලියානුවන් 2-1 ලෙස පරාජයට පත්කල ඔවුන් නැවත වතාවක් අළු බඳුන දිනා ගත්තේ පසුගිය වර ඕස්ට්‍රේලියාවේ දී ලැබූ 5-0 අමිහිරි පරාජයේ මතකයන් මකා දමමිනි. පිට පිට දෙවරක් තම මවු බිමේ පැවති තරඟාවලි එංගලන්තය ජය ගත් ප්‍රථම අවස්ථාවද මෙයයි.
Reblog this post [with Zemanta]

Wednesday, August 19, 2009

හයේ හයක්



ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ඕවරයක පන්දු හයට හයේ පහර හයක් සර් ගාෆීල්ඩ් සෝබර්ස් ගේ පිත්තෙන් එල්ල වූ ඒ අමරණීය මොහොත.
එවකට එංගලන්තයේ නොටින්හැම්ශයර් කණ්ඩායමේ නායකත්වය දැරූ ඔහු මේ දස්කම දැක්වූයේ ග්ලැමෝගන් පිලට එරෙහිව 1968 වසරේ පැවති පළමු පෙළ තරඟයකදීය.

Tuesday, August 18, 2009

ඩිල් එක්ස්ප්‍රස්

ටෙස්ට් ආරම්භක පිතිකරුවෙකු ලෙස පලමු වරට ගාල්ලේ දී අද (18-08-2009) පිටියට බට තිලකරත්න ඩිල්ශාන්ට මේ ටෙස්ට් තරඟයක් බව අමතක වී ඇතැයි නරඹන්නන්ට සිතෙන්නට ඇත. සිය 20-20 පිති හරඹ රටාවෙන් නවසීලන්ත පන්දු යවන්නන්ට ගාලු පිටියේ හතර කොනට පහර දුන් ඔහු ශතකයට ලකුණු 8 මෙපිටින් දැවී යන විට 1986-87 තරඟ වාරයේ ඉන්දියාවට එරෙහිව කාන්පූර් වලදී අර්ජුන රණතුංග පන්දු 31 කින් ලබා ගත් ලාංකික පිතිකරුවකුගේ වේගවත්ම අර්ධ ශතක වාර්ථාව තම නමට ලියා ගෙන හමාරය. පන්දු 30 ක දී ලැබූ ඒ අර්ධ ශතකයට තවත් ලකුණු 42 එක්කල ඔහු දැවී යන විට පන්දු 72 කින් ලකුණු 92 ලබා සිටියේය. ගින්නෙන් ජීවත් වෙන්නා ගින්නෙන්ම නසී යන්න සැබෑ කරමින් ඔහුට හිමිවිය යුතුව තිබූ ශතකය අහිමි වූවේ ත් පිට ඉන්නට වැටුන පන්දුවකට වේගවත් පහරක් එල්ල කිරීමට යෑමෙනි.