
මැල්කම් මාර්ෂල් ක්‍රිකට් පිටියෙන් සමුගත් දා ලොව පුරා පිතිකරුවන් වඩා සුවදායක නින්දක් ලැබුවාට සැක නැත.
සාපේක්ෂව නොඋස් වේග පන්දු යවන්නෙකු වුවත්, ඔහුගේ ජවය හා නිවැරදි ඉලක්කය වසර 19 පුරා දිවගිය පලමු පෙළ ක්‍රිකට් දිවියේ දී ප්‍රතිවාදීන් භීතියට පත් කෙරිනි.
බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලින් බිහිවූ මේ විශිෂ්ඨ පන්දු යවන්නා 1992 වසරේ ක්‍රීඩාවෙන් විශ්‍රාම යන විට ටෙස්ට් තරඟ 81 කට ක්‍රීඩා කර තිබිනි. හැත්තෑව අසූව දශක වල කොදෙව්වන්ගේ සුපිරි සාර්ථකත්වයට ඔහුගේ දායකත්වය ඉමහත් විය.
1958 දී බාබේඩෝස් හි බ්‍රිජ්ටවුන් වල උපත ලැබූ මාර්ෂල්, දූපත් කණ්ඩායම වෙනුවෙන් 1977 වසරේ සහභාගී වූ මංගල පලමු පෙළ තරඟ වාරයේ දී ම තම හැකියාවන් විදහා දැක්විය. ලකුණු 97 කට කඩුලු 7 දවා ගනිමින් ඔහු දැක්වූ දස්කම් ඉන් වසරකට පසු කොදෙව් පිලට දොරටු විවරකර දුන්නේ යන්තම් වයස විස්ස වෙත් දී ය.
එ තැන් සිට ටෙස්ට් කඩුලු 376 ක් විශ්මිත 20.94 ක සාමාන්‍යයකින් ලබා ගන්නා තුරු ඔහු ආපසු නොහැරුනේය. එයට ටෙස්ට් තරඟයක කඩුලු 10 හෝ ඊට වඩා ලබාගත් අවස්ථා 4 ක් සහ ඉණිමක කඩුලු පහක් හෝ ඊට වඩා ලබාගත් අවස්ථා 22 ක් ද ඇතුලත්ය.
උසින් අඩි පහයි අඟල් දහයක් වුවත් මාර්ෂල් සැබවින්ම වේගවත් (genuinely fast) පන්

වේගවත් බව මෙන්ම ඔහු නිවැරදි ඉලක්කයට පමාවී සිදුවන දෝලනයකින් (late swing) යුතු පන්දු යැවීමට අති දක්ෂයෙක් විය. මෙය ඔහුගේ අස්වාභාවික පන්දුව ඇල්ලීමේ ක්‍රමයත් (grip) ඔහුටම ආවේනික වූ පන්දු යැවීමේ ඉරියව්වත් නිසා සිදුවූ බව සිතිය හැක.
ජව සම්පන්න ධාවනයකින් විත් ඔහු යවන දෝලනය වන වේග පන්දු වලට මුහුන දීම ලෝකයේ හොඳම පිතිකරුවන්ට පවා බොහෝ විට අපහසු විය.

මාර්ෂල් ප්‍රමුඛ ලොව මෙතෙක් සිටි භයානකම සිව් සාමාජික වේග පන්දු බලඇණිය සහිත කොදෙව්වන් එකල ලොව සිටි අති දක්ෂම ක්‍රිකට් පිල විය.
වසර 1991 එංගලන්තයේ ඔවල් පිටියේ දී ටෙස්ට් තරඟ වලින් සමුගත්තත්, ඊට වසර තුනකට පෙර මාර්ෂල් ඔහුගේ දක්ෂතාවල උපරිම මට්ටමේ විය.
එංගලන්ත පිතිකරුවන් භීතියෙන් මුසපත් කල කොදෙව්වන්ගේ 1988 සංචාරයේ දී ඔහු කඩුලු 35 ලබා ගත්තේ 12.65 ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. ඕල්ට් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයේ දී ලකුණු 22 කට ලබාගත් කඩුලු 7 ඔහුගේ දක්ෂතම පන්දු යැවීමයි.
එක්දින කඩුලු 157 ලබා ගත් මාර්ෂල් ඔහුගේ දීර්ඝ ක්‍රීඩා කාලය තුල පලමු පෙළ තරඟ වලට පවා කැපවීමෙන් සහභාගී විය. බාබඩෝස් කණ්ඩායමට සහ දකුණු අප්‍රිකාවේ නටාල් ප්‍රදේශයට ක්‍රීඩා කල ඔහුගේ වර්ණවත් පලමු පෙළ ගෙවුනේ සිය දෙවන නිවහන් වන් එංගලන්ත හැම්ප්ශයර් ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කල අවදියේ ය.1982 ප්‍රාන්ත තරඟ වාරයේ කඩුලු 132 ලබා ගනිමින් වැඩිම කඩුලු ලාභියා වූ ඔහු 1986 සහ 1988 වාර වල

ඔහුගේ ප්‍රාන්ත තරඟ දිවියේ කිරුළු පළන් මොහොත එලැඹ්යේ ටෙස්ට් පිටියෙන් සමුගෙන වසරකට පසු 1992 වසරේ ලෝඩ්ස් පිටියේ දී හැම්ප්ශයර් කණ්ඩායම සමඟ බෙන්සන් සහ හෙජස් කුසලානය දිනා ගැනීමෙනි.
පන්දු යවන්නෙක්ම පමනක් නොවූ මාර්ෂල් සෑහෙන හැකියාවක් පෙන්වූ පිතිකරුවෙක්, සහ පසු කාලයේ හැම්ප්ශයර්, කොදෙව් හා නටාල් කණ්ඩායම් වල පුහුණුකරුවෙක් ද විය. නටාල් කණ්ඩායමේ ඔහු පුහුණු කරන අවදියේ තරුණ වේග පන්දු යවන්නන්ට තම අත්දැකීම් බෙදා දුන් ඔහු පසු කාලීනව දකුණු අප්‍රිකානු කණ්ඩායෙමේ සුපිරි තරුවක් වූ තරුණ ශෝන් පොලොක් ට පන්දු යැවීම ගැන උනන්දුවක් ඇතිකිරීමට හේතු විය. අදත් පොලොක් තම සාර්ථකත්වයට මාර්ෂල්ගෙන් ලද ගුරුහරු කම් මහත් සේ අගය කරයි.
පලමු පෙළ ලකුණු 11,000 කට වඩා රැස් කර ඇති ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 25 කට ආසන්න වන අතර ඊට ශතක හයක් ද ඇතුලත් ය.
පිතිකරුවකු ලෙස ඔහුගේ ප්‍රකටම වීර ක්‍රියාව සිදුවූ යේ 1984 වසරේ හෙඩිංග්ලි පිටියේ දී සිය මහපටැඟිල්ල බිඳුන තරඟයේ දී ය. මේ සිදුවීමෙන් පසු ක්‍රීඩා ගාරයට ගිය

ලොව මෙතෙක් බිහිවූ සුපිරිතම වේග පන්දු යවන්නා කවුරුන් ද යන්න ගැන නොයෙකුත් විවාදයන් තිබුනත්, ඔහුගේ විස්මිත කඩුලු ලබා ගැනීමේ සාමාන්‍යයත් එකල දක්ෂතම ප්‍රතිවාදීන්ට එරෙහිව දක්වා ඇති දස්කම් සහ වේග පන්දු යවන්නන්ට වාසි දායක නොවන දකුණු ආසියානු කලාපයේ දක්වා ඇති දක්ෂතා ආදිය අනුව මැල්කම් මාර්ෂල් යනු ලොව මෙතෙක් පහල වූ අති ශූර වේග පන්දු යවන්නා බව බොහෝ දෙනෙක් පිළිගන්නා කරුණකි.
දක්ෂ ක්‍රීඩකයෙකු පමනක් නොව පිටියේ දී වැදගත් මහත්මයෙකු වූ මාර්ෂල් ප්‍රතිවාදී පිළේ ක්‍රීඩකයන්

කල් ගතවී හඳුනා ගත් මහ බඩවැලේ පිළිකාවකින් වසර 1999 නොවැම්බර් මස හතර වැනි දා සුවහසක් ක්‍රීඩා ලෝලීන්ගේ නෙත් කඳුලින් පුරවමින් මියයන විට ඔහු හතළිස් එක් හැවිරිදි වියේ පසුවූ එක් දරු පියෙකු විය.
කෙටි ජීවිත කාලයක් තුල සදා නොමියෙන මතකයක් ලොවට එක් කල මැල්කම් ඩෙන්සිල් මාර්ෂල්, හිතවතුන් සහ රසිකයන් ට නම් ආදරණීය මැකෝ, ඔබ සදා අමරණීයයි......

No comments:
Post a Comment