Image by Getty Images via Daylife
13 years ago
Image by Getty Images via Daylife
ටෙස්ට් ආරම්භක පිතිකරුවෙකු ලෙස පලමු වරට ගාල්ලේ දී අද (18-08-2009) පිටියට බට තිලකරත්න ඩිල්ශාන්ට මේ ටෙස්ට් තරඟයක් බව අමතක වී ඇතැයි නරඹන්නන්ට සිතෙන්නට ඇත. සිය 20-20 පිති හරඹ රටාවෙන් නවසීලන්ත පන්දු යවන්නන්ට ගාලු පිටියේ හතර කොනට පහර දුන් ඔහු ශතකයට ලකුණු 8 මෙපිටින් දැවී යන විට 1986-87 තරඟ වාරයේ ඉන්දියාවට එරෙහිව කාන්පූර් වලදී අර්ජුන රණතුංග පන්දු 31 කින් ලබා ගත් ලාංකික පිතිකරුවකුගේ වේගවත්ම අර්ධ ශතක වාර්ථාව තම නමට ලියා ගෙන හමාරය. පන්දු 30 ක දී ලැබූ ඒ අර්ධ ශතකයට තවත් ලකුණු 42 එක්කල ඔහු දැවී යන විට පන්දු 72 කින් ලකුණු 92 ලබා සිටියේය. ගින්නෙන් ජීවත් වෙන්නා ගින්නෙන්ම නසී යන්න සැබෑ කරමින් ඔහුට හිමිවිය යුතුව තිබූ ශතකය අහිමි වූවේ ත් පිට ඉන්නට වැටුන පන්දුවකට වේගවත් පහරක් එල්ල කිරීමට යෑමෙනි.