skip to main
|
skip to sidebar
අසිරිමත් ක්‍රිකට්
Monday, August 24, 2009
අළු බඳුන එංගලන්තයට
Image by
Getty Images
via
Daylife
මේ ඇසළ මාසේ විසි තුන්වැනි ඉරු දිනය එංගලන්ත ක්‍රිකට් වංශ කතාවේ රන් අකුරෙන් ලියැවෙන දවසක් බවට පත් කරන්නට ඇන්ඩෘ ස්ට්‍රාවුස් ප්‍රමුඛ ටෙස්ට් පිල ඕවල් පිටියේ දී සමත් විය. ඕස්ට්‍රේලියානුවන් 2-1 ලෙස පරාජයට පත්කල ඔවුන් නැවත වතාවක් අළු බඳුන දිනා ගත්තේ පසුගිය වර ඕස්ට්‍රේලියාවේ දී ලැබූ 5-0 අමිහිරි පරාජයේ මතකයන් මකා දමමිනි. පිට පිට දෙවරක් තම මවු බිමේ පැවති තරඟාවලි එංගලන්තය ජය ගත් ප්‍රථම අවස්ථාවද මෙයයි.
Wednesday, August 19, 2009
හයේ හයක්
ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ඕවරයක පන්දු හයට හයේ පහර හයක් සර් ගාෆීල්ඩ් සෝබර්ස් ගේ පිත්තෙන් එල්ල වූ ඒ අමරණීය මොහොත.
එවකට එංගලන්තයේ නොටින්හැම්ශයර් කණ්ඩායමේ නායකත්වය දැරූ ඔහු මේ දස්කම දැක්වූයේ ග්ලැමෝගන් පිලට එරෙහිව 1968 වසරේ පැවති පළමු පෙළ තරඟයකදීය.
Tuesday, August 18, 2009
ඩිල් එක්ස්ප්‍රස්
ටෙස්ට් ආරම්භක පිතිකරුවෙකු ලෙස පලමු වරට ගාල්ලේ දී අද (18-08-2009) පිටියට බට තිලකරත්න ඩිල්ශාන්ට මේ ටෙස්ට් තරඟයක් බව අමතක වී ඇතැයි නරඹන්නන්ට සිතෙන්නට ඇත. සිය 20-20 පිති හරඹ රටාවෙන් නවසීලන්ත පන්දු යවන්නන්ට ගාලු පිටියේ හතර කොනට පහර දුන් ඔහු ශතකයට ලකුණු 8 මෙපිටින් දැවී යන විට 1986-87 තරඟ වාරයේ ඉන්දියාවට එරෙහිව කාන්පූර් වලදී අර්ජුන රණතුංග පන්දු 31 කින් ලබා ගත් ලාංකික පිතිකරුවකුගේ වේගවත්ම අර්ධ ශතක වාර්ථාව තම නමට ලියා ගෙන හමාරය. පන්දු 30 ක දී ලැබූ ඒ අර්ධ ශතකයට තවත් ලකුණු 42 එක්කල ඔහු දැවී යන විට පන්දු 72 කින් ලකුණු 92 ලබා සිටියේය. ගින්නෙන් ජීවත් වෙන්නා ගින්නෙන්ම නසී යන්න සැබෑ කරමින් ඔහුට හිමිවිය යුතුව තිබූ ශතකය අහිමි වූවේ ත් පිට ඉන්නට වැටුන පන්දුවකට වේගවත් පහරක් එල්ල කිරීමට යෑමෙනි.
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
ලොව දහසකුත් එකක් ක්‍රීඩා ඇතත් අප වැනි රසිකයන්ට නම් ක්‍රිකට් යනු ක්‍රීඩාවක් පමනක් නොව කලාවකි. අන් කවර ක්‍රීඩාවකටත් වඩා විවිධත්වයෙ න් පිරුන සංකීර්ණ තරඟයෙන් තරඟයට මැවෙන සිතුවමකි.
එවන් අපූරු ක්‍රිකට් ගැන කඩුල්ල මුවා නොකර කතා කරමු බොහෝ දේ...
පටුන
සදා වීරයෝ
මතක පොතෙන්
විස්මිත විස්කම්
අතීතයෙන් පිටුවක්
කසුකුසු
හෙට පායන තරු
ලකුණු පුවරුව
Followers
Blog Archive
▼
2009
(12)
▼
August
(11)
අළු බඳුන එංගලන්තයට
හයේ හයක්
ඩිල් එක්ස්ප්‍රස්
නවසීලන්තය සමග ටෙස්ට් තරඟාවලිය සඳහා නම්කර ඇති ශ්‍රී...
පකිස්ථානය සමඟ විස්සයි විස්ස තරඟයෙන් සේරම් ඉවතටතේරී...
අමරණීය මැකෝ
ක්‍රිකට් ලොවේ දොන්...
මතක පොතෙන්
මඩුගල්ලේ නම් වූ ඔහු
"පලා පැහැය ඇතිරුන කඳුගැට අතර හිරු සැඟවෙන්නට ලං වෙද...
හයේ හයක්...
►
June
(1)
My Blog List
Code Diaries
12 years ago
ගීයක වරුණ
13 years ago
Gorgeous Body
15 years ago
Discover Lanka
15 years ago
About Me
Al
View my complete profile